28 වැනි සිංගර්- එම්සීඒ ප්‍රිමියර් ලීග් සහ විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය කල් දමයි

 

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් 28 වැනි සිංගර්- එම්සීඒ  ප්‍රිමියර් ලීග් සහ විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය යළිත් වරක් කල් දමා ඇත.
28වැනි වතාවටත් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය යටතේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (එම්.සී.ඒ) විසින් සංවිධනානය කරනු ලබන මෙවර ලීග් ක්‍රිකට් තරගාවලිය හේලීස් සමූහය, ජෝන් කීල්ස් සමූහය, එච්එන්බී සහ පුරවැසි සංවර්ධන ව්‍යාපාරික මූල්‍ය (සීඩීබී) යන කණ්ඩායම් 04 ක සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් 20 දින ලීග් තරග අදියර (පන්දුවාර 50) ආරම්භ විය.
තරඟ 08 ක් නිමා කරමින් අප්‍රේල් 27 දක්වා තරඟාවලිය නොනවත්වා පැවති නමුත් 3 වන කොවිඩ් රැල්ල හේතුවෙන් තරගාවලිය නතරකිරීමට සිදුවිය..
පසුව, අගෝස්තු 10 වෙනිදා සිට නැවත තරගාවලිය ආරම්භ කිරීමට එම්සීඒ තරඟාවලි කමිටුව තීරණය කළ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සමඟ ගැටීම හේතුවෙන් එම උත්සාහයද ව්‍යර්ථ විය.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ නිල අනුග්‍රහකත්වය එළිදැක්වීම පසුගියදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් මූලස්ථාන පරිශ්‍රෙය්දී සිදු කළ අතර එහිදී සිංගර් ශ්‍රී ලංකා සමාමේ අලෙවි අධ්‍යක්‍ෂක ශානිල් පෙරේරා මහතා විසින් අදාළ අනුග්‍රාහක චෙක්පත එම්.සී.ඒ. සභාපති , රෝහණ දිසානායක මහතා වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ප්‍රවර්ධන), කේ.ඩී.එස්. කනිෂ්ක, එම්.සී.ඒ. උප සභාපති නලින් වික්‍රමසිංහ, එම්.සී.ඒ. ප්‍රධාන ලේකම් සිරෝෂ ගුණතිලක සහ එම්.සී.ඒ. තරගකමිටු සභාපති තරින්ද්‍ර කළුපෙරුම යන මහත්වරු (ඉහත පින්තූරයේ දැක්වෙන පරිදි) සහභාගී වූහ.

අවසන් කරන ලද තරඟ 08 ක ප්‍රතිඵල පහත දැක්වේ:
එම්සීඒ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හේලීස් කණ්ඩායම විසින් එච්එන්බී පිලකඩුලු‍ 05 කින් පරාජය කළේය. එස්.එස්.ස්ි. පිටියේදී හිදී සීඩිබී පිල කඩුලු‍ 02 කින් ජෝන් කීල්ස් පරාජය කළ අතර එස්එස්සී හිදී හේලීස් ලකුණු 96 කින් සීඩීබී පරාජය කළේය. පී. සාරා ඕවල් පිටියේදී ජෝන් කීල්ස් ලකුණු 9 කින් එච්එන්බී පරාජය කළේය. එන්සීසී හිදී සී.ඩී.බී. පරදා එච්එන්බී ලකුණු 10 ක ජයක් ලැබීය. පී. සාරා ඕවල් පිටියේදී ජෝන් කීල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු‍ 02 ක ජයක් ලැබීමට හේලීස් සමත් විය. පී. සාරා ඕවල් හිදී හේලීස්, එච්එන්බී කණ්ඩායම කඩුලු‍ 02 කින් පරාජය කළ අතර එන්සීසී හිදී ජෝන් කීල්ස් ලකුණු 54 කින් සීඩීබී පරාජය කළේය.
අපරාජිත, හේලීස් සමූහය සහභාගී වූ තරග 04 න් ජයග්‍රහණ 04 ක් ලබා පෙරමුණේ පසුවන අතර එච්එන්බී ජයග්‍රහණ 02 ක් සහ පරාජ 02 ක් සමඟින් දෙවන ස්ථානයේ සිටී. එච්එන්බී සහ සීඩීබී හි එක් ජයග්‍රහණයක් සහ පරාජයන් තුනක් අත්කරගෙන ඇත.

මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල වලට අනුව කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු එකතුව (ජෝන් කීල්ස් සීඩීබී ට එරෙහිව) – පන්දුවාර 50 තුළ කඩුලු‍ 8 ට 314 යි. හොඳම පිතිකරණය: ශතක 02 ක් ජෝන් කීල්ස් පිලේ කුසල් මෙන්ඩිස් – පන්දු 106 කදී 110 (සීඩීබී ට එරෙහිව) හයේ පහර 03 ක් සහ හතරේ පහර 08 ක් ඇතුළුව. සීඩීබී කණ්ඩායමේ මුදිත ලක්ෂාන් (ජෝන් කීල්ස්ට එරෙහිව) – පන්දු 115කදී ලකුණු 104 හතරේ පහර 05 ක් ඇතුළත්ව. හොඳම පන්දු යැවීම: සීඩීබී පිලේ ළහිරු මධුසංක (එච්එන්බී ට එරෙහිව) – පන්දුවාර 9.4 යි, නිලකුණු පන්දුවාර 02 යි, ලකුණු 31 කට කඩුලු‍ 05 යි. සීඩීබී කණ්ඩායමේ තරිඳු රත්නායක (හේලීස් පිලට එරෙහිව) – පන්දුවාර 10, ලකුණු 50 කට කඩුලු‍ 05 යි.