37වැනි කනිෂ්ඨ සහ අතරමැදි ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය හෙට සිට දින තුනක්

ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය (ARASL),ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිරන්තර ජාතික මට්ටමේ තරගයක් පැවැත්වීමේ උපාය මාර්ගයක් ලෙස 37වැනි කනිෂ්ඨ සහ අතරමැදි ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය 2022 මාර්තු 10 සිට 12 දක්වා රුවන්පුර දියවන්නා ඔය ඔරුපැදීමේ මධ්‍යස්ථා නයේදී පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ කාර්ය සාධන වැඩසටහන යටතේ තෝරාගත් ක්‍රීඩා කිහිපය අතරට ඔරු පැදීමේ ක්‍රීඩාවද ඇතුළත් කර ඇති අතර විදේශීය පුහුණුකරුවෙකු වන පෙඩ්රෝ සෑන්ස් මහතා යටතේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කුසලතා සංචිත පුහුණු කටයුතු කරමින් සමස්ථ ක්‍රීඩාවේ සංවර්ධනයට කටයුතු කරනු ඇත.
ආධුනික ඔරු පැදීමේ සංගමයේ සභාපති දිමුත් ගුණවර්ධන මහතා මෙවර ඔරු පැදීමේ ශූරතාවලිය පිළිබඳව අදහස් දක්වමින් “ පැවැති වසංගත තත්ත්වය තුළ 36 වැනි ජ්‍යෙෂ්ඨ සහ අතරමැදි ජාතික ශූරතාවලිය 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට අපට හැකි වූ අතර නොබෝ දිනකින්ම පාසල් ආරම්භ කිරීමෙන් පසු බොහෝ බාධක මධ්‍යයේ ඉතා දැඩි කොව්ඩ් මාර්ගෝපදේශයන් යටතේ කනිෂ්ඨ ජාතික ශූරතාවලියේ තරග යළි පැවැත්වුණා. කිසිදු ප්‍රධාන කොවිඩ් රෝගී සිදුවීම්වලින් තොරව සාර්ථක ක්‍රමවේදයක් මගින් ඉදිරි ජාත්‍යන්තර තරගය සඳහා අපගේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ජාතික සංචිතයන් හඳුනා ගැනීමට, සංවර්ධනය කිරීමට සහ පුහුණු කිරීමට අවශ්‍ය දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය වෙනවා.” යනුවෙන් පැවසීය.
මෙවර ඔරු පැදීමේ තරගාවලියේ ඉසව් කනිෂ්ඨ අංශයේ පාසල් සහ ක්‍රීඩා සමාජ 12ක සහභාගීත්වයෙන් පහත
සඳහන් පරිදි පැවැත්වේ.
පාසැල් තරග අංශය –
ආනන්ද විද්‍යාලය
ආසියානු ජාත්‍යන්තර පාසැල
බිෂොප් විද්‍යාලය
බොල්ගොඩ වැව ඔරු පැදීමේ සමාජය
කොළඹ ඔරු පැදීමේ සමාජය
ඩී.එස්.සේනානායක විද්‍යාලය
ගේට්වේ විද්‍යාලය
රාජකීය විද්‍යාලය
කාන්තා විද්‍යාලය
මියුසියස් විද්‍යාලය
ශාන්ත ජෝශප් විද්‍යාලය
එස් තෝමස් විද්‍යාලය
වයස අවුරුදු 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ තුනක් තරගය සඳහා වර්ග කෙරේ.
අතරමැදි කාණ්ඩයේ තරග සඳහා ආයතන සහ ක්‍රීඩා සමාජ 7 ක් සහභාගී වේ. එනම්,
බිෂොප් විද්‍යාලය
රාජකීය විද්‍යාලය
කොළඹ ඔරු පැදීමේ සමාජය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සෙනසුරාදා (12දා) අවසන් දිනට පෙර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි දිනකට ඔරු පැදීමේ තරග 45ත්
46ත් අතර ප්‍රමාණයකින් ඉතිහාසගතව ඔරු පැදීමේ තරග විශාල ප්‍රමාණයක් පැවැත්වෙන අතර, අවසන් තරග
ඉසව් 31ක් පහත සඳහන් පරිදි සැළැසුම් කර ඇත.
– අවුරුදු 14 න් පහළ – තරඟ 4 ක්
– අවුරුදු 16 න් පහළ – තරඟ 5 ක්
– අවුරුදු 18 – 10 න් පහළ තරඟ
– අතරමැදි – තරඟ 10 ක්
– පාසල් ශිෂ්‍ය ස්කලර් කුසලානය
– පාසල් බාලිකා ස්කලර් කුසලානය

මෙම තරග ඉසව්ව එක් අතකින් අනාගත දක්‍ෂතා හඳුනාගැනීම සඳහා යොදා ගන්නා අතරම වත්මන් ජාතික
සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර පුහුණුවේදී අත්‍යවශ්‍ය අංගයක් වන ඔවුන්ගේ මලල ක්‍රීඩා දස්කම්
ප්‍රදර්ශනය කිරීමට ඔවුනොවුන් සමඟ තරග කිරීමට ද අවස්ථාව සැලසේ.
මෙම ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ ප්‍රධාන එකම අනුග්‍රාහකයා වනුයේ පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ
මෙම ක්‍රීඩාවේ වර්ධනයට අනුග්‍රහය සහ දිරිගැන්වීම ලබා දුන් එස්එල්ටී-මොබිටෙල් (SLT-Mobitel)
ආයනයයි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් SLT-Mobitel හි සභාපති රොහාන් ප්‍රනාන්දු
මහතා සහභාගී වීමට නියමිතය.