කෝටි දෙකහමාරක වියළි මුහුදු කූඩැල්ලෝ සමග 4ක් මාට්ටු

රුපියල් කෝටි දෙකහාමාරකට අධික (මිලියන 26 ක)් වටිනා වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 1189 ක් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හතර දෙනකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අද ( 11 දා ) මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දී ඇත.
උතුරු මැද නාවික විධානය මගින් තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවන් දෙකක් පරීක්‍ෂාවට ලක් කර එම ඩිංගි යාත්‍රා තුළ තිබූ උර 24 ක අසුරන ලද වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1189 ග්‍රෑම් 83 ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් සිව් දෙනෙක් සහ එම ඩිංගි යාත්‍රාවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.