කවුරු සෙමි ආවත් අපි ඔවුන්ව පරාජය කරනවා’ ඩිල්ෂාන් කියයි

රටවල් හතක සහාගීත්වයෙන් ඉන්දියාවෙ පැවැත්වෙන රෝඞ් සේෆ්ටි ප‍්‍රවීණ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව තරග අවස්ථාව උදාකර ගැනීමට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ පිල සමත් විය. ඒ එංගලන්තය කඩුලූ හයකින් පරාජය කරමිනි.
ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදෙශය සහ ඔස්ටේ‍්‍රලියාව තරග වදින මෙම ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිවාදීන් කවුරු වුවත් ඔවුන්ව පරාජය කර දමන බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි. ‘‘අපිට අවසන් පුර්ව තරගයේදී කවුරු ආවත් කමක් නැහැ. අපි ඔවුන්ව අනිවාර්්‍යයෙන්ම පරාජය කරනවා.’’ යැයි පැවසීය.
එංගලන්තය සමග පැවැති තරගයේදී තනි අතින් ශ‍්‍රී ලංකා පිල ජයග‍්‍රහණයට ඔසවා තැබු ඩිල්ෂාන්
ඩිල්ෂාන් මේ වන විට තරග හයකදී මුළු ලකුණු 232 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර උපුල් තරංග ලකුණු 185 ක් ලබා එහි දෙවැනි තැන පසුවේ. ඉන්දියාවේ විරේන්ද්‍ර ෂෙවාර්ග් මුළු ලකුණු 169 ක් ලබා තෙවැනි තැනට පත්ව ඇත. පිතිකරණයෙන් පමණක් නොව පන්දුවෙන්ද දක්ෂතා දක්වා ඇති ඩිල්ෂාන් තරගාවලියෙ වැඩිම කඩුලූ ලාභියා වීමද විශේෂත්වයි. ඔහු කඩුලූ 12 ක් බිද දමා ඇති අතර දෙවැනි තැන පසුවන එංගලන්තයේ මොන්ටි පනේසාර් කඩුලූ 8 ක් දවාගෙන තිබේ.
තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ඩිල්ෂාන් එංගලන්තය සමග පැවැති තරගයේදී ලකුණු හයකට කඩුලූ හතරක් බිද දැමු අතර පිති ප‍්‍රහාරයේදී පන්දු 25කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 61 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ‘‘පසුගිය දින තුනේදී ගොඩක් මහන්සියෙන් පුහුණු වුණා. රිවර් ස්විප් පහර මැජික් පහරක් වගේ ගහන්න පුළුවන් වුණේ ඒකයි. සනත් ජයසුරිය අවසන් පූර්ව තරගයට ක‍්‍රීඩා කරනවා. ඔහුගේ පාදයේ ආබාධය නිසා විවේක ගන්වා තියෙන්නෙ. අපේ පුහුණුකරුවන්, වෛද්‍යවරුන් සියලූ දෙනාම එකට වැඩ කරනවා.’’ යැයි ඩිල්ෂාන් සඳහන් කරයි.
එංගලන්ත පිල ලකුණු 78කට සීමා කිරීමෙන් පසුව තමාට අවශ්‍ය වුයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පතවීම බව ඩිල්ෂාන් පවසයි. ‘‘අපිට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට එන්නනම් තරගය පන්දුවාර 7.4 කින් ජය ගනන් ඕන වුණා. ඒ නිසා තමයි පන්දුවාර 7.3 කින් අපිට වැඬේ කරන්න පුළුවන් වුණේ. දැන් කවුරු ආවත් ප‍්‍රශ්නයක් නැහැ.’’