ගාය නැති මල්ලිලාට අයියලා සමග හැප්පෙන්නයි නාමල් කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සුන්දරම අතීතය ඇත්තේ ඉතිහාස පොතේය. ඒ ඉතිහාසය රන් අකුරින් ලියූ ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමක් මේ දිනවල ඉන්දියාවේදී ලෝක ශූරතා අවසන් පුර්ව තරගය දක්වා පැමිණෙද්දී ජාතික කි‍්‍රකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්හිදී නන්නත්තාර වෙමින් එක්දින තරගාවලියද 3/0 කින් පරාජයට පත්විය.
‘මෙතන කට්ටි සහභාගි වෙන්නෙ ගහන්නම් වාලේ ගහනවටද නැත්නනම් සහභාගි වෙන්නෙ පරාජය වෙන්නද කියන එක තමයි ප‍්‍රශ්නය. වැදගත් වන්නේ ජයග‍්‍රහණය වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමයි. තරග හැමදාම පරදින්නත් බැහැ. හැමදාම ජය ගන්නත් බැහැ. නවක ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන අයුරු අපි දැක්කම ඔවුන් ජයග‍්‍රහණය වෙනුවෙන් ක‍්‍රීඩා කරන බව පේනවා.’’
‘‘විශේෂයෙන්ම මම දැක්කා අපි ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම පිට්ටනිය මැදදි තරගය ජය ගන්න කොතරම් උනන්දුවකින් ක‍්‍රීඩා කරනවද කියලා. විශේෂයෙන් සනත් අයියා බැටින් වලින් ෆේල් වුණ වෙලාවට පන්දුවෙන් දක්ෂතා දැක්වුවා. ඩිල්ෂාන් අයියා පිතිකරණයෙන් පන්දුවෙන් මෙන්ම ෆිල්ඩින් වලින් දක්වපු දක්ෂතා. නවක ක‍්‍රීඩකයන්ට ඒක හොඳ අත්දැකීමක්. මම හිතනවා ඉදිරියේදී ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම සහ ජාතික කණ්ඩායම අතර තරගයක් තිබ්බොත් එ
අයට බලාගන්න පුළුවන් වෙයි ජයග‍්‍රහණය වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම.’’ යැයි ක‍්‍රීඩා ඇමැති නාමල් රාජක්ෂ පවසයි.
පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ශ‍්‍රී ලංකා පිල ලකුණු 274 කට දැවී යද්දී ධනුෂ්ක ගුණතිලක 36, දිමුත් කරුණාරත්න 31, පැතුම් නිශ්ශංක, දසුන් ශානක 22 ලකුණු විස්සේ සීමාව පසු කර යෑමට සමත් වුහ. නමුත් ශ‍්‍රී ලංකා පිලට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබූ අශේන් බණ්ඩාර පන්දු 74 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 54 ක්ද වනිදු හසරංග පන්දු 60 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හතක් සමග නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේය.
අදාළ ඉලක්කය කඩුලූ පහක් අතැතිව ජය ගත් කොදෙව්වන් වෙනුවෙන් ඩැරන් බ‍්‍රාවෝ පන්දු 132 කදී ශතකයක් සහ කිරන් පොලාර්ඞ් පන්දු 42 කදී අර්ධ ශතකයක් වාර්තා කිරීම කැපී නෙුණි.