රන්ජන්ගේ සිරකුටිය ළඟ පොළෙවෙන් දුරකතනයක් මතුවෙයි

අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක රැුදී සිටින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ අංශය ආසන්නයෙන් දුරකතනයක් මතුව තිබේ. එය රන්ජන් රාමනායකට ලබාදීමට ගෙනා එකක් බවට සැකකරමින් වැඩිදුරට පරීක්ෂණ සඳහා එය අපරාධ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
අදාළ දුරකතය ස්මාර්ට් ජංගම දුරකතනයක් වන අතර මේ වන විටත් රන්ජන් රාමානයකව බැලීම අමුත්තන්ටද තහනම් කර ඇත.