ඊයේ නව ආසාදිතයන් 40ක් වාර්තා වේ

ඊයේ දිනය (23 වැනිදා) තුළදී වාර්තා වූ නව ආසාදිතයින් 40 දෙනාත් සමග මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේදී හඳුනා ගත් රෝගීන් අතර ඉන්දියාවේ සිට පැමිණි අසාදිතයන් 29 දෙනකු සහ ඇමරිකාවේ සිට පැමිණි ආසාදිතයන් 11 දෙනකු වාර්තා වේ. ඒ අනුව ඔවුන් සියලු දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බවට වසංගත රෝග විද්‍යා අංශය කියා සිටී.
මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 22 දෙනකු පූරණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට සමස්ත කොරෝනා අසාදිතයන් ගෙන් 1548 දෙනකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 432ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබයි.