උප පොලිස් පරීක්ෂක තනතුරු ඉල්ලා සැරයන්වරු 366ක් අභියාචනාධිකරණයට යති

වසර 30කට වඩා සේවා කාලය සපුරා ඇති හෙයින් තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා උස්ස කරන ලෙස ඉල්ලමින් පොලිස් සැරයන්වරු 366 දෙනකු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වග උත්තර කරුවන් ලෙස නම්කර තිබේ.
වැඩ බලන පොලිස්පතිවරයා විසින් පසුගිය වසරේ මැයි මාසයේදී තමන්ව උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කරමින් චක්‍රලේකයක් නිකුත් කර තිබුණද එය මෙතෙක් ක්‍රියාත්මක නොවූ බවද ඔවුන් මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබේ