අයිස් මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට

තලෙයිමන්නාරම – ග්‍රාමය ප්‍රදේශයේදී හෙරෝයින්,හෂීස් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අතඩංගුවට ගෙන තිබෙනවා.මන්නාරම කොට්ටඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය එම ප්‍රදේශයේ නිවසක් ඊයේ පරීක්ෂාවට ලක් කළා.එහි තිබී හෙරෝයින් ග්‍රෑම් 20,හෂීස් මිලිග්‍රෑම් 250 ක් හා අයිස් මිලිග්‍රෑම් 400 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.එම අවස්ථාවේදී නිවසේ සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු අතඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වුණේ කාලයක සිට මොහු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවයි.