හක්බෙල්ලන් 658 කල්පිටියෙන් සොයා ගැනේ

නීතිවිරෝදී ලෙස හක්බෙල්ලන් 658 ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු කල්පිටිය – සිංනකුඩිරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.නාවික හමුදාව සහ සින්නකුඩීරිප්පු පොලීසිය එක්ව ඊයේ සිදුකළ මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුත් හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම,මිලදී ගැනීම.විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම,විකිණීම ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.