කොරෝනා ආසාදිත 69 දෙනෙකු හඳුනා ගැනේ

කොරෝනා ආසාදිත දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන්
69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
39 හැවිරිදි දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට ඊයේ හඳුනාගැණුනු අතර ඇයගේ 16 හැවිරිදි දියණිය ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබුණි. මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතව තිබේ.