සියයට 90 ක් තැපැල් ඡන්දය භාවිතා කරලා

තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබූ සමස්ත ඡන්දදායකයන් හත්ලක්ෂ පන්සිය පහක් අතරින් හය ලක්ෂ අසූහත් දහස් හයසිය විසි නවයක් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කර ඇති බව මැතිවරණ කොමිසමේ සැළසුම් හා පර්යේෂණ ඒකකය පවසයි. ජූලි 13 වනදා සිට 17 වන දක්වා වූ අතර එම කාලය තුළ තැපැල් ඡන්දය පැවති අතර, එම කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයන් වෙනුවෙන් ජූලි මස 20 සහ 21 යන දෙදින අමතර දින වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. මේ අනුව මෙවර තැපැල් ඡන්දවල මුළු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙහි සියයට 90ක් ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිසමේ සැළසුම් හා පර්යේෂණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් හමුවීම හේතුවෙන් වසා දැමුණු රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය ඊයේ (29 වැනිදා) පැවැත්විණි. එහිදී සමස්ත ඡන්දදායකයන් 502 ක් අතරින් ඡන්දය 472 ක් ප්‍රකාශ කර තිබේ.