අධ්‍යාපන ආයතන මතින් තොර කලාප බවට පත් කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

සියලුම අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. මේ යටතේ සියලුම අධ්‍යාපන ආයතනවල බාහිර පරිශ්‍රයන් තුළ මත්ද්‍රව්‍ය, මධ්‍යසාර, දුම්කොළ ආශ්‍රිත නොයෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදා ගන්නා සියලුම නිෂ්පාදන ප්‍රවර්ධනයට, භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩ දීම සපුරා තහනම් කරමින් ආයතන ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් දී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වැඩසටහන් පැවැත්වීම ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතය.