ඇෆ්ගනිස්තානයේ කුඩා දැරියක් තලේබාන් ත්‍රස්තයන් දෙදෙනෙක්ට වෙඩි තබා ඝාතනය කරයි

තම දෙමාපියන් ඝාතනය කළ තලේබාන් ත්‍රස්තවාදීන් දෙදෙනකු කුඩා දැරියක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වෙයි. එම දැරිය ඒකේ 47 අවියකින් මෙසේ ත්‍රස්තවාදීන්ට වෙඩි තබා ඇති අතර, එහිදී ත්‍රස්තයන් දෙදෙනකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිද්ධිය ඇෆ්ගනිස්ථානයේ ගෝර් ප්‍රදේශයෙන් වාර්තා වේ. අදාළ දැරියගේ පියා රජයේ ආධාරකරුවෙකු වූ නිසා තලේබාන් ත්‍රස්තයන් එම නිවසට පැමිණ තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි. එසේම වයස අවුරුදු 14 ත් 16 ත් අතර පසුවන ඇයගේ මෙම වීරත්වය සමාජ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්ව තිබේ