9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට

ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට (20 වැනිදා) පෙරවරු 09.30 ට ආරම්භවීමට නියමිතව තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට ආසන වෙන් කිරීමක් සිදු නොකරන අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අසුන් පමණක් වෙන් කර තැබෙන බව වාර්තා වේ.