බදියුදීන් 18දා තෙක් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10දා) නියෝග කළේය. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය.