Saturday, April 27, 2024
Home Headlines Coronavirus 70කට වැඩි බස්රථ බලපත්‍ර අහෝසියි

70කට වැඩි බස්රථ බලපත්‍ර අහෝසියි

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස් රථ 70කට වැඩි සංඛ්‍යාවක බලපත්‍ර අත්හිටුවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව අන්තර් පළාත් බස්රථ 17ක සහ දිස්ත්‍රික් අතර ධාවනය වන බස් රථ බස්රථ 50කට වැඩි සංඛ්‍යාවක බලපත්‍ර අත්හිටුවා තිබේ.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නොතකා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවට විශාල පැමිණි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අතර බස් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදි ඇතැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.