ශ්‍රී ලංකාවට එපාවූ අවිෂ්කව ඇෆ්ගනිස්තානය අරගනියි

COLOMBO, SRI LANKA: Sri Lanka cricketer Avishka Gunawardene gets out his bat in a practice session at the R. Premadasa International Cricket Ground in Colombo, 31 July 2004, on the eve of the final of the Asia Cup. India play Sri Lanka in the Asia Cup final 01 August. AFP PHOTO/Rob ELLIOTT (Photo credit should read ROB ELLIOTT/AFP via Getty Images)

ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරුවෙකු සහ ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවෙකු වූ අවිශ්ක ගුණවර්ධනව ඇෆ්ගනිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. මේ බව එරට ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය යොමු කරමින් පවසා සිටියේය. මීට පෙර ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ලාන්ස් ක්ලුස්නර්ය.

44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධනට මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් දුෂණ චෝදනා හේතුවෙන් තහනමක් පනවා තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ඔහු නිර්දෝෂී විය. පසුගිය මැයි මාසයේ දී ඔහුව එම චෝදනාවලින් නිදහස් කිරීමට අයිසීසීය පියවර ගෙන තිබුණි.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 06කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජියෙකු ලෙස ද කටයුතු කර තිබුණි.

මේ වන විට ඇෆ්ඝනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානය යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවට වාර්තා වේ.