ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම සැකකරුගේ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කළ අධිකරණය ඔහු රක්ෂිත බන්ධානාගර ගත කර බන්ධනාගාරය භාරයේ ප්‍රතිකාර අවසන් වන තෙක් රෝහලේ රැදී සිටීමට අවසර ලබා දුන්නේය.