බුත්තල සියලු වෙළද ව්‍යපාර ස්වකැමැත්තෙන් වසා දමයි

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළද ව්‍යපාර හෙට (19දා) රාත්‍රි සිට ලබන බදාදා (25දා) දක්වා වසා දැමිමට තිරණය කළ බව බුත්තල වෙළද සංගමය පවසයි.
පසුගිය කොවිඩ් අවධානම හමුවේද බුත්තල වෙළද ප්‍රජාව තම ව්‍යපාරික ස්ථාන වසාදමා සෞඛ්‍ය අංශවලට පුර්ණ සහයෝගයක් ලබාදීමට කටයතු කළ බව පැවසු එම සංගමය පැල්වත්ත මංසන්ධියේ සිට බුත්තල දක්වා ඇති සියලු ව්‍යපාරික ස්ථාන 300කට ආසන්න ප්‍රමාණයක් වසාදැමිමට වෙළද ප්‍රජාව කැමැත්ත පලකර තිබේ.