Thursday, January 15, 2026
Home Headlines Coronavirus මැති ඇමැතිවරු 27කට කොරෝනා

මැති ඇමැතිවරු 27කට කොරෝනා

මැති ඇමැතිවරු 27 දෙනෙක් කොවිඩ්-19 “(කොරෝනා) වසංගතයට මේදක්වා ගොදුරුවී සිටින බව අනාවරණය වේ. කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීමෙන් මේ දක්වා නිරෝධානයට යොමුවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 80ක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ කොවිඩ් ආසාදිත ලැයිස්තුවට අලුතින්ම එකතුවූ මැති ඇමැතිවරුන්වන්නේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සුළු අපනයන භෝග රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ කුරුණෑගල දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ය.

කොවිඩ් රෝගයට ගොදුරු වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.