රුපියල් මිලියන 6000 කට අධික බඳු ගෙවා නැති මත්පැන් නිෂ්පාදකයින්ට තහනමක්!

සුරාබදු දෙපාර්තමේන්තුවෙහි තීරණයට අනුව බඳු ගෙවීම් පැහැර හැර ඇති ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතන 5ක බලපත්‍ර අතිහිටවා ඇත.

වයඹ ඩිස්ටලරීස්, මෙන්ඩිස්, රන්දෙණිගල, ෆින්ලන්ඩා සහ සිනර්ජි ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක් විසින් ගෙවීමට ඇති බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 6000 කට අධික මුදලක් නොගෙවා ඇති බැවින් එම ආයතනයන්හී බලපත්‍ර අහෝසි කිරීම සිදු කල බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා සඳහන් කර ඇත.