මත්ද්‍රව්‍ය සමඟ සැක කරුවන් රැසක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කීහිපයකින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් විය. 

මාලිගාවත්ත පොලිස් වසමේ සමාධි මාවත ප්‍රදේශයේදී මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත
වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 260 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 25 ක් වන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

මේ අතර මීගමුව පොලිස් වසමේ බොස්කෝපුර ප්‍රදේශයේදී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32 ක් වන කුඩාපාඩුව, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

මන්නාරම පොලිස් වසමේ පෙරියකාර්සල් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31 ක් වන පෙරියකාර්සල්,මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මන්නාරම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

මීට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කල්මුණ 04 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තලංගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

මන්නාරම පොලිස් වසමේ සාවියන් තෝට්ටම් ප්‍රදේශයේදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මත් පෙති 10 බැගින් අඩංගු කාඩ්පත් 513 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30 ක් වන තාල්වුපාඩු, මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.