වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේත් කොරෝනා ආසාදිතයෙක්

වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙකුටද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ පුද්ගලයින් 93 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.