මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1000 පසුකරයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් නයින්ටීන් පොකුරේ වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව අද (08 වැනිදා) උදෑසන වනවිටදී 1034 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (07 වැනිදා) එම පොකුරෙන් වාර්තා වු රෝගීන් 202ක් වූ අතර එම රෝගීන් 202 අතුරින් රෝගීන් 199ක්ම අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වේ.
මේ අතර ඊයේ දිනය වන විට මෙරට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4459 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් රෝගීන් 3274ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් රෝගීන් 1172ක් රෝහල්ගතව ප්‍රථිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.