චීනයේ දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජීයේචී මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් අද (08 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වන අතර අදාළ දූත පිරිස හෙට (09 වැනිදා) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.