රටකට ඕනෑ මෙහෙම හපන්නුයි – ලක්ෂ දෙකෙන් වාහනයක් හදයි

වර්තමානයේ ජීවත් වන මෙරට මිනිස්සුන් නොයෙක් අපහසුතාවලට මුහුණ දී සිටියි. මධ්‍යම පාන්තිකයන්ටවත් වාහනයක් මිලදී ගැනීමට නොහැකි වාතාවරණයක් උදාවීම ඉන් එක් පැතිකඩකි. නමුත් රටේ දක්ෂයන් සිටින බව පවසමින් අයියයි මල්ලියි දෙන්නෙක් අපූරු මෝටර් රථයක් නිෂ්පාදනය කළේය. ඒ වෙනුවෙන් ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණි. රට කරවන හාම්පුතුන්ට මෙම වටිනා නිර්මාණකරුවන්ගෙන් ලොවක් දිනා ගත හැකි බව අපි මතක් කර දෙන්නෙමු.

මහරගම මැදි විදුහලේ සහෝදරයන් දෙදෙනකු විසින් මෙම මෝටර් රථය නිෂ්පාදනය කර තිබේ. යතුරුපැදියක එන්ජිමක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම මෝටර් රථයන පෙට්‍රල් ලීටරයකින් කිලෝ මීටර 20 ක් පමණ යා හැකිය. පැයට කිලෝමීට 70 ක පමණ උපරිම වේගයකින් ධාවනය කළ හැකි ලෙස මෙය නිර්මාණය කර තිබේ.