විදේශිකයකු ගුවන් තොටුපොළේ වහලට නැග මහ ජර මරයක්

විදෙස් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල වහලයට නැග පලා යමින් සිටිය දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත යාමට උත්සාහ කළ බව ගුවන්තොටුපල සඳහන් කරයි.

ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දී තම ලියකියවිලි නිෂ්කාශනය කර ගැනීමට පැමිණි ඔහු සම්බන්ධයෙන් සැක සිතීමෙන් පසු ගුවන් තොටුපළ ආරක්ෂක වෙත යොමු කිරීමෙන් පසුව වහලයට නැග දිව ගොස් තිබේ.

පසුව ආරක්‍ෂක අංශ විසින් කැමරා නිරීක්ෂණය කරමින් මෙම පුද්ගලයා වහලයේ සැඟවී සිටි ස්ථානයට ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පෙනෙන අංකයක් පච්ච කොටා ඇති අතර ආරක්ෂක අංශය සැක කරන්නේ මොහු විදේශයක බන්ධනාගාරයකින් පලා ආ පුද්ගලයෙකු හෝ විදේශයකට අත්‍යවශ්‍ය පුද්ගලයකු හෝ ත්‍රස්තවාදී කල්ලි සාමාජිකයෙකු විය හැකි බවටයි.