කාන්තාවක් සීඅයිඩී ගොඩනැගිල්ලේ පස්වන මහලෙන් පැන සියදිවි නසා ගනී

රුපියල් මිලියන 60ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි කාන්තාවක්. අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) ගොඩනැගිල්ලේ පස්වන මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇති බව
පොලිසිය පවසයි.
අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ
අත්අඩංගුවට ගන්නා ලද මෙම කාන්තාව පස්වන මහලේ ජනේලයෙන් පැන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අද (11) පාන්දර 04.00ට පමණ බිමට පැන සියදිවි හානිකර ගෙන තිබූ ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට
නියමිතව තිබුණි.