33වැනි වරටත් පැවැති ජාතික කබඩි ශූරතාවලියේ ශූරතා දෙකම උතුරු නැගෙනහිරට

ශ්‍රී ලංකා ජාතික කබඩි සම්මේලනය විසින් සංවිධනය කරන ලද 33වැනි වරටත් පැවැති ජාතික කබඩි ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනා ගන්නට අම්පාර දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූ අතර එම කාන්තා ශූරතාව දිනා ගන්නා ලද්දේ කිලිනොච්චිය දිස්ත්‍රික් කණ්ඩායම විසිනි.
පසුගිය දින තුනක් පුරා කොළඹ – 7, ටොරිංටන්හි එළිමහන් සහ ගෘහස්ථ ක්‍රීඩංගණ වලදී පැවැති මෙම ජාතික කබඩි තරගාවලියේ පිරිමි අංශයේ තරග සඳහා මාතලේ දිස්තත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 24හිම කණ්ඩායම් සහභාගී වූහ. මුලතිව්, බදුල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය, අම්පාර හා ගාල්ල යන දිස්ත්‍රික්ක හය හැර අනෙක් දිස්ත්‍රික්ක 19 නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් සහභාගී වූහ. කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගී නොකරමින් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන කබඩි කණ්ඩායම් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කරගෙන තිබූ බව ජාතික කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා අප සමඟ පැවැසීය.
ඒ අනුව දින තුනක් පුරා පැවැති තරගාවලියේ පිරිමි අනුශූරතාව මඩකලපුව දිස්ත්‍රික්කයටත් තෙවැනි ස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයටත් හිමි විය.
කාන්තා අංශයේ අනුශූරතාව යාපනය දිස්ත්‍රික්කය දිනා ගත් අතර එහි තෙවැනි ස්ථානය හිමි වූයේ මඩකලපුවටයි. තවද මෙවර ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පී.දනූශා සම්මාන ලැබූ අතර දක්ශතම ක්‍රීඩකයා අම්පාර දිස්ත්‍රික්කයේ එම්.ටී.අස්ලාම් සාජා ය.
කාන්තා
3වන ස්ථානය : මඩකලපුව දිස්ත්‍රික්කය, 2වන ස්ථානය : යාපනය දිස්ත්‍රික්කය
1වන ස්ථානය : කිලිනොච්චි දිස්ත්‍රික්කය
දක්ෂතම ක්‍රීඩිකාව : P. දනූශා (කිලිනොච්චි දිස්ත්‍රික්කය)

පිරිමි – 3වන ස්ථානය : අනුරාධපුර දිස්ත්‍රික්කය, 2වන ස්ථානය : මඩකලපුව දිස්ත්‍රික්කය
1වන ස්ථානය : අම්පාර දිස්ත්‍රික්කය.
දක්ෂතම ක්‍රීඩකයා : M.T. අස්ලාම් සාජා (අම්පාර දිස්ත්‍රික්කය)

කාන්තා – 3වන ස්ථානය තරඟය
මඩකලපුව දිස්ත්‍රික්කය ලකුනු 33, කලුතර දිස්ත්‍රික්කය ලකුනු 29
අවසාන තරඟය
කිලිනොච්චි දිස්ත්‍රික්කය ලකුනු 49, යාපනය දිස්ත්‍රික්කය ලකුනු 39

පිරිමි – 3වන ස්ථානය තරඟය
අනුරාධපුර දිස්ත්‍රික්කය ලකුනු 31, කිලිනොච්චි දිස්ත්‍රික්කය ලකුනු 30
අවසාන තරඟය
අම්පාර දිස්ත්‍රික්කය ලකුනු 56,මඩකලපුව දිස්ත්‍රික්කය ලකුනු 20