රජයේ නිලධාරිනියක් හමුදාවට එරෙහිව බොරු වාර්තා 600 ක් ජිනීවා යවලා

ශ‍්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩ ජාතිකයන් ඝාතනය කළ බවට ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත බොරු වාර්තා 600 ක් යැවූ හිටපු රජයේ නිලධාරිනියක් ගැන තොරතුරු අනාවරණය වී ඇත.

මෙම බොරු වාර්තා යවා ඇත්තේ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ද හොරෙනි. කොටි හිතවාදීන් සම`ග දැඩි ලෙස සබඳකම් පැවැත් වූ ඇය මානව හිමිකම් කොමසාරිස් වෙත යැවූ එකී බොරු වාර්තා මානව හිමිකම් කවුන්සිලය පිළිගෙන ඇත.

එම රජයේ හිටපු නිලධාරිනිය මෑතකදී ශ‍්‍රී ලංකා හමුදාවේ නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන ලෙස ඇමෙරිකානු රජයෙන් ඉල්ලා ඇත. ඇගේ ශ‍්‍රී ලංකා විරෝධී කටයුතු අනාවරණය වීම නිසා මානව හිමිකම් ක‍්‍රියාකාරීන් යැයි හඳුන්වා ගත් 160 ක පිරිසක් ප‍්‍රකාශයක් නිකුත්කරමින් ඇය වැරැුද්දක් කර නැතැයි දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය