නියම දික්කසාද කතාවක්…

 

එක්තරා යුවළගේ දික්කසාද නඩුව විභාග කරමින් සිටියදී, සැමියාට විනිසුරුවරයා පවසා සිටියේ
බ්‍රිතාන්‍ය පවුම් කෝටි 12000 ක් වූ තම බිරිඳගේ දේපළෙන් භාගයක් ඔහුට හිමි වූ බවයි. නමුත් එම
සැමියා පැවසුවේ එවන් දේපළ තමන්ට අවශ්‍ය නොවන බවයි.
ඔහු ගැන පැහැදුණු විනිසුරුවරයා ඔහුගේ බිරිඳගෙන් විමසුවේ එතරම් උසස් පුරුෂයෙක් සමඟ ජීවත්
වීමට අකමැති ඇයිද කියාය.සැමියා තමන් සමඟ ලන්ඩනයේ ජීවත් වුවහොත් තමා ඊට කැමති බව ඇය
පැවසුවාය.
දේශපාලන නායකයින් ඇයව බොරු නඩු වලට සම්බන්ධ කරන හෙයින් ඔහුගේ රටේ ජීවත් වීමට
ඇයට අවශ්‍ය නොවන බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
ඇය ශ්‍රේෂ්ඨ කාන්තාවක් සහ ශ්‍රේෂ්ඨ මවක් ලෙස සලකන ඔබ තම බිරිඳ සමඟ ජීවත් වීමට ලන්ඩනයට
යාමට අකමැති ඇයිද කියා ඇගේ සැමියාගෙන් විනිසුරුවරයා විමසූ විට, ඔහු (සැමියා) පවසා ඇත්තේ
දුප්පත්කම, නූගත්කම, අයුක්තිය වැනි ප්‍රශ්න වලින් පිරුණ තම ආදරණීය රට වෙනුවෙන් යමක් කිරීමට
තමන්ට අවශ්‍ය බවය.
දරුවාගේ භාරකාරත්වය ගැන විනිසුරුවරයා ඔහුගෙන් විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ ඔහුගේ බිරිඳ
හොඳම කාන්තාවක් සහ මවක් බවත් දරුවන් ඇය සමඟ සිටීමට තමන් කැමති බවත්ය. එයට සවන් දුන්
ඔහුගේ බිරිඳ ඔහුව වැලඳ ගත්තාය.
ඇගේ සැමියාගේ පිළිතුරු කෙරෙහි දැඩි පැහැදීමක් ඇති වූ විනිසුරුවරයා අසුනෙන් නැගිටසිටියේ ඔහුට
ගෞරවයක් වශයෙනි.
විනිසුරුවරයා දික්කසාද වන බව ප්‍රකාශ කරන විට සැමියාගේ සහ බිරිඳගේ දෙනෙත් වල කඳුළු පිරී
තිබුණි.
මෙම යුවළ කවුදැයි ඔබ දන්නවාද?
මොවුන් වෙන කවුරුත් නොව ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සහ පාකිස්ථානයේ වත්මන් අග්‍රාමාත්‍ය ඉම්රාන්
ඛාන් සහ ඔහුගේ කෝටිපති බිරිඳ ජෙමිමා ගෝල්ඩ්ස්මිත්ය.

සටහන – සිරිනාම රාජපක්ෂ

2018 වසරේදී අන්තර් ජාලයේ ඵලවූ ප්‍රවෘත්තියක් ඇසුරිනි.