රන්ජන් වෙනුවෙන් විරෝධතා මාලාවක්

මේවනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිර දඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් ජාත්‍යන්තරව විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පෙරමුණ ගෙන තිබේ. එහි පළමු අදියර ඉතාලිය, ප්‍රංශය, ජමනිය හා යුරෝපයේ අනෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්ව ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට සංවිධානය කර තිබුණි.

මෙවැනි උද්ඝෝෂණ යුරෝපයේ විවිධ නගරවල පැවැත්වීමටත් ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරිමටත් පියවර ගන්නා බව ඔවුහු අවධාරණය කරති.

මානව හිතවාදී, ජනතා නියෝජියෙක් වන රන්ජන් රාමනායක මහතාට බරපතළ අසාධාරණයක් සිදුවි ඇති බවත් ඔහුට නිදහස ලබාදීමට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා පෙත්සමක් මානව හිමිකම් කොමිසමට මෙහිදී උද්ඝෝෂණකරුවෝ බාරදී තිබේ .