හෙරෝයින් ළඟ තබා ගත් කතට වැඩ වරදී

හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) රාත්‍රී 8.10ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

වැල්ලම්පිටිය පොලීස් වසමේ කැලණිය නදීගම ප්‍රදේශයේ දී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 70 ක් හා මිලිග්‍රෑම් 75 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 41 ක් වු අංක 44, 2 වන පටුමඟ, කැලණී නදීගම, කොටුවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව අනාවරණය වී තිබේ.

සැකකාරිය අද(17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.