අභියෝගය භාර ගන්නවා – බැසිල් මුදල් ඇමැති වෙමින් කියයි

 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් අද (08 දා) දිවුරුම් දීමෙන් පසුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැරූ මුදල් අමාත්‍යාංශයද ඔහුට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන ලදී.
නව මුදල් ඇමැතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ; රටේ ජනතාවගේ ප‍්‍රශ්න කුමක්දැයි කියා තමන්ට මෙන්ම ජනාධිපතිට සහ අගමැතිට වැටහෙන බවයි. මීට වඩා දේශපාලන සහ නොයෙකුත් ප‍්‍රශ්නවලට තමා මුහුණ දී ඇති බැවින් මේ අභියෝගයද සියලූ දෙනා එක්ව ජය ගන්නා බව බැසිල් රජපක්ෂ මහතා පවසයි.