විමල් වීරවංශගේ සහ උදය ගම්මන්පිලගේ කෑලි ගලවයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තවත් ඇමැති ධුර තුනක් ලබාදෙමින් සහ වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි වෙනස්කම් කරමින් නව කැබිනට් සංශෝධනයක් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවට රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට කැබිනට් ඇමැති ධුරයක් ලැබීමත් සමග රටේ ඉදිරි සංවර්ධන සහ ආර්ථික ඉලක්කයන් කඩිනම් කිරීම සඳහා මෙම නව කැබිනට් සංශෝධනය සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ගිවිසුම් ප‍්‍රකාරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ඇමැති ධුර ඉදිරියේදී ලබා දීමටත් විමල් වීරංවශ සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන් කිහිපයක් ඉවත් කර ඒවා වෙනත් ඇමැතිවරුන්ට පැවරීමට සැලසුම් කර තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම නව කැබිනට් සංශෝධනය යටතේ ලබාදෙන ඇමැති ධුර භාර ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කැමැත්ත පළ කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.

මෙම නව කැබිනට් සංශෝධනයේ ද සෞඛ්‍යල පොලිසියල කම්කරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයන්හි ඇමැති ධුරවල සංශෝධනයක් වනු ඇතැයි ද එම අමාත්‍යාංශ සඳහා කාර්යක්ෂමතාව පෙන්වා ඇති තරුණ ඇමැතිවරු පත් කෙරෙනු ඇතැයි ද වාර්තා වේ.