දේශපාලනික නිහඬ බව පිළිබඳ විමල්ගෙන් අපූරු අර්ථකථනයක්

 

.නිහඬ බව. කියන්නෙත් .හඬක්. බවත් එහි හොඳ අර්ථයන් තිබෙන බවත් පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ නායකල කර්මාන්ත අමාත්‍යල කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතාල එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් පැවසීය.

ඊයේ (10) මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු අසංක්ෂිප්තව පහත පළවේ.

ප්‍රශ්නය – ඔබතුමා කාලයක් නිශ්ශබ්දව හිටියාග ඒ මොකද?
නිහඬ බව කියන්නෙත් හඬක්.

ප්‍රශ්නය – මොකක්ද ඒ හඬේ තේරුම?
එහි හොඳ අර්ථයන් තිබෙනවා. එය තේරුම්ගත හැකි අයට තේරුම්ගත හැකියි.

ප්‍රශ්නය – ඔබතුමා පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා හෝ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවාට විරුද්ධව කතා කළා.
බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් අයකු පැමිණෙනවාට විරුද්ධව අපි කතා කළේ නැහැ. අපි කතා කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ .ද්විත්ව පුරවැසිභාවය. පිළිබඳ ගැටළුවත් නිරාකරණය විය යුතුයිල කියලයි. එම ස්ථාවරයේ අපි තවදුරටත් ඉන්නවා.

ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා දීම පිළිබදව ඔබතුමන්ලාගේ පක්ෂය කැමතිද?
බැසිල් රාජපක්ෂ මහතාට හෝ අපි ගොඩනැඟූ ආණ්ඩුවේ ඉන්න පාර්ශ්වකරුවන් අතරින් ඕනෑම අයෙකුට ඕනෑම තනතුරක් දීමට ජනාධිපතිතුමන්ට අයිතිය තිබෙනවා. ඒ අයිතිය අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන විදිහට ඔබතුමාලාත් විශ්වාස කරනවද මේ කඩා වැටුණු ආර්ථිකයට පණක් දෙන්නයි බැසිල් රාජපක්ෂ මහතා පැමිණියේ කියා.
ආර්ථිකයේ තිබෙන අභියෝගය ජයග්‍රහණය කළ හැකි නම් එය ඉතාම වැදගත්ග මම දන්නේ නැහැ එය එතුමාට පුළුවන් වෙයිදල බැරි වෙයිද කියා.

ප්‍රශ්නය – ඇතැමුන් කියනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රට ඉදිරියට ගෙන යන්න අසමත් වෙලා තිබෙනවාග ඒ නිසයි බැසිල් රාජපක්ෂ මහතා ගෙන ආවේ. කියාග ඒ පිළිබඳව මොකද කියන්නේ ?
එහෙමනම් ජනාධිපතිතුමා ඇමතිවරුන්ට බලය පවරන්නේ ඇයි? ජනාධිපතිවරයා සතු විධායක බලය තමයි කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන්ට පවරා තිබෙන්නේග කැබිනට් අමාත්‍යවරුන් හරහා ඒ විධායක බලය රාජ්‍ය අමාත්‍යවරුන් දක්වා පහලට ලබාදී තිබෙනවා. එය ව්‍යවස්ථානුකූලව කළ යුතු දෙයක් මිස ජනාධිපතිතුමාට බැරි නිසා කරන දෙයක් නොවෙයි. එය ඒ විදිහට අර්ථකථනය කිරීම සුදුසු නැහැ. එය වැරදියි.

ප්‍රශ්නය ථ- ඔබතුමාගේ අමාත්‍යාංශයේ යම් යම් කෑලි ගැලවෙනවා නේද?
ඔය කියන්නේ එප්පාවල පොස්පේට් ආයතනය ගැන දල ඒක සිදුවෙලා දැන් ගොඩක් දවස්.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබතුමාට යම් යම් කෙනෙහෙලිකම් මේ ආණ්ඩුව තුළින් සිදු වෙනවාද?
එහෙම පෙනෙනවද?. ,