බටහිර ජැටිය හදන අදානි ජනපති හමුවෙයි

ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා ඊයේ (25 වැනිදා) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවූ බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

එය පෞද්ගලික මට්ටමින් පැවති හමුවක් වී ඇති අතර ගෞතම් අදානි මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබ`දව ස`දහන් කළ ඉන්දීය ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබුණේ කොළඹ වරායේ බටහිර ජැටියේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා පැවැත්වෙන බවයි.

ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් මත සිදු කෙරෙන කොළඹ වරායේ බටහිර බහාලූම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සදහා වූ ගිවිසුම අත්සන් කිරීම ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදා සිදු කෙරිණි. එහි සියයට 51 ක් කොටස් අදානි සමූහයට අයත් වන අතර තවත් කොටස් 34 ක් අදානි සමාගමේ මෙරට නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගමටත්, වරාය අධිකාරියට කොටස් 15 කුත් අයත් වේ.

ගෞතම් අදානි මහතා ඇතුළු දසදෙනකුගෙන් යුතු නියෝජිත පිරිසක් පෞද්ගලික ගුවන් යානා දෙකකින් පෙරේදා (24 වැනිදා) රාති‍්‍රයේ ශී‍්‍ර ලංකාවට ළ`ගා වී තිබිණි. පෞද්ගලික සංචාරයක් ලෙස එය සිදුව තිබූ අතර මෙම සංචාරයේදී ගෞතම් අදානි මහතා මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු හමුවීමට නියමිත බව ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

අදානි මන්නාරමටත් යයි

පෞද්ගලික ගුවන් යානා තුනකින් ශී‍්‍ර ලංකාවට පැමිණි ගෞතම් අදානි මහතා ඊයේ (25 දා) දහවල් මන්නාරම ප‍්‍රදේශයට ගොස් පුනර්ජනනීය විදුලි බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධව නිරීක්‍ෂණයකද යෙදුණි.

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් මගින් ඔහු කටුනායක සිට මන්නාරම බලා පිටත්ව ගොස් තිබුණි.

සමන් ගමගේ