ඇෆ්ගනිස්තානය ඉදිරියේ පැරැදුණ ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ANTIGUA, ANTIGUA AND BARBUDA - JANUARY 27: Players of Afghanistan celebrate following their 4 run victory during the ICC U19 Men's Cricket World Cup match between Sri Lanka and Afghanistan at Coolidge Cricket Ground on January 27, 2022 in Antigua, Antigua and Barbuda. (Photo by Michael Steele-ICC/ICC via Getty Images)

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ පැවැති අර්ධ අවසන් ප්‍රර්ව වටයේ තරගයේදී ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලකුණු 4ක තියුණු පරාජයක් අත්වීමත් සමඟ තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මෙම 19න් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස පැවැති ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 134ක් පමණි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පහසු මාවතක් සකසා දුන්නද පිතිකරුවන්ගේ දුර්වලතා නිසා ශ්‍රි ලංකාව ලකුණු 4ක් පිටුපසින් සිට මෙම අන්ත පරාජය උරුම කර ගත්තේය.
එනම් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා ලකුණු 130 කට දැවි ගියේය.
ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු තරග තුනේදීම ලකුණු 135 කට වඩා ලකුණු රැස් කළ අතර ඇෆ්ගනිස්තානය ලබා දුන් ඉලක්කය හඹා යාමේ විශ්වාසයක් තිබුණි. එහෙත් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ශ්‍රී ලංකාව මත ගොඩනැඟූ පීඩනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩපන වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 34ක් ලබාගත් නායක දුනිත් වෙල්ලාලගේය.

ඇෆ්ගනිස්ථානය – 134/10 (පන්දුවාර 47.1)
අබ්දුල් හාඩි 37 (97), නූර් අහමඩ් 30 (33)
පන්දු යැවීම – විනුජ රන්පුල් 5/10(9.1) , දුනිත් වෙල්ලාලගේ 3/36(10)
ශ්‍රී ලංකාව – 130/10 (පන්දුවාර 46)
දුනිත් වෙල්ලාලගේ 34 (61) , රවීන් ද සිල්වා 21 (84)
පන්දු යැවීම – බිලාල් සාමි 2/33(10), නූර් අහමඩ් 1/20(10)