ඇෆ්ගනිස්තාන ඇමැති දැන් ජර්මනියේ පීසා විකුණයි


ඇමැති පට්ටම්වලින් උදම්වී මිනිසුන් අමාරුවේ දමන මෙරට මැති ඇමැතිවරුන්ට කදිම පණිවුඩයක් ඇෆ්ගනිස්තානයේ හිටපු ඩිජිටල් කැබිනට් අමාත්‍ය සයිස් අහමඩ් ෂාහ් සාදාත් විසින් ලබාදී තියෙනවා.
ඇෆ්ගනිස්තානයේ දේශපාලන අස්ථාවරභාවය තේරුම් ගත් සයිස් සිය ඇමැතිධුරයෙන් ඉවත්වී ජර්මනිය බලා ඉකුත් 2020 වසරේ පිටත් වියග ඔහු දැන් එරට පීසා බෙදාහරින්නකු වශයෙන් රැකියාව කරන අයුරු සමාජ මාධ්‍යවල සදහන්ව තිබේ.
ජර්මනියේ මාධ්‍යවේදියකු විසින් ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග මෙම කතාව ලොව පුරා පැතිර ගියේය. ඇෆ්ගනිස්තාන රජයද පලවා දමමින් මේ වන විට තලේබාන්වරු එරට ආක්‍රමණය කර තිබේ. බොහෝ ඇෆ්ගනිස්තාන් වැසියන්ද විදෙස් රටවලට සරණාගතයින් ලෙස සංග්‍රමණය වෙමින් තිබෙන මොහොතක කලින්ම සිය රට අතහැර පීසා බෙදාහරින්නකු ලෙස හෝ රැකියාවක් කරමින් ජීවත් වීමට සයිස් අහමඩ් ගත් තීරණය අගය කළ යුතුය.