දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා තරගාවලියට එන නිලධාරීන්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා සහභාගී වන තරග නිලධාරීන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව තරග හයේම තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ අයි.සී.සී. ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ල මහතායි.

මෙම තරගාවලිය විනිශ්චයට විනිසුරුවරුන් 5 දෙනෙකු නම් කර තිබේ. ඒ කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ලයි.

දෙරට අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලය ලබන සැප්තැම්බර් මස 02දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.