හෙට සිට දිවයිනේ සියලුම පාසල් වැසේ..

මේ වන විට ශ්‍රී ලංකාවට බලපෑ ඇති කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට (13 වැනිදා) සිට වසා දැමීමට අධා්‍යපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලබන අප්‍රේල් මස ලබා දීමට නියමිත පාසල් නිවාඩුව මෙසේ හෙට සිට ක්‍රියාත්මක කෙරෙන බව අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේය.
මෙම වසරේ අප්‍රේල් පාසල් නිවාඩුව ලබන මස 06 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් කෙරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා පාසල් නිවාඩු වාරය හෙට සිට ක්‍රියාත්මක කෙරෙන බවත් අප්‍රේල් 20 වැනිදා වනතුරු එම නිවාඩුව වාරය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරය අද මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.
කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය අසාදනය වූ මෙරට පළමු රෝගිය ඊයේ (11 වැනිදා) හඳුනා ගැණුන අතර මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 29 දෙනකු දිවයිනේ රෝහල් 15ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා ප්‍රතිකාර කෙරෙන බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඉන් 8 දෙනකු විදේශිකයන් බවටද වැඩිදුරටත් එහි සඳහන් වේ.