හිටපු ජනපති ඉදිරි මැතිවරණයට පොහොට්ටුවෙන් එයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා අද (12 වැනිදා) නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයා අද අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉදිරියේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇති අතර තවත් දිස්ත්‍රික්ක කිහිපයක අපේක්ෂකයෝ කිහිප දෙනකුද අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනාවට අත්සන් තබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.