උසස් පෙළ විභාගය නිසා මාසයක් පාසැල් වැසේ

පෙබරවාරි මස 7දා සිට මාර්තු මස 5දා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර එම විභාග කටයුතු හේතුවෙන් පෙබරවාරි මස 7 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක්නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඒ අනුව නැවතත් පාසල් ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස 7 වනදා බවයි.
රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ද අදාළ මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකෙරෙන බවය.
එම නිල නිවේදනය පහත දැක්වේ.