අමිතාබ් බච්චන්ට රහස් සැත්කමක්

රසිකයෝ දිවි රැක දෙන්න යාඥා කරති
ඉන්දියාවේ බොලිවුඞ් මෙගාස්ටාර් වන අමිතාබ් බච්චන්ට හදිසි ශළ්‍යකර්මයක් කිරීම සඳහා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ ශල්‍යකර්මය සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නොහැකි බවද වෛද්‍යවරුන් පවසා තිබේ. අමිතාබ් බච්චන්ද සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් පවසා ඇත්තේ වෛද්‍ය ප‍්‍රතිකාර අනූව සැත්කමක්. ඒ ගැන ලිවිය නොහැක.’’ යනුවෙනි.
කෙසේ වෙතත් මිලියන ගණනක් පේ‍්‍රක්ෂකයන්ගේ වීරයකු වන අමිතාබ් බච්චන්ගේ සැත්කම කුමක්ද යන්න ඔහුගේ රසිකයන්, හිතවතුන් සහ බොලිවුඞ් නළු නිළියන් මේ වන විටත් සෙවීමට පටන් ගෙන තිබේ. ඒ අතරවාරයේදී ඔහුගේ රසිකයන් දෙවියන්ට යාඥා කරමින් තම බොලිවුඞ් වීරයාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
බච්චන්ගේ රෝගී තත්ත්වයෙන් කනස්සල්ලට පත්ව ඇති බොහෝ දෙනකු සමාජ මාධ්‍යයේ මෙවැනි අදහස් පළ කර තිබුණි. ‘‘තත්ත්වය කුමක්ද යන්න අපි නොදනිමු. ඔබ අපේ පුරාවෘත්තයක්. ඉක්මන් සුවය ලැබේවා.’’..‘‘ඔබ වෙනුවෙන් මාගේ පේ‍්‍රමයෙන් යාඥා කරනවා. ඉක්මනින් සනීප වන්න.’’ යනුවෙන් අදහස් දහස් ගණන් සමාජ මාධ්‍යයේද පළවී ඇතැයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි.