රජය සහන මල්ලක් ගෙනෙයි – රජයේ සේවකයන්ට අමතර 5000 ක්

වැඩි වන ජීවන වියදම හේතුවෙන් රජයේ සියලුම සේවකයන්ට මෙම ජනවාරි මස සිට රුපියල් 5000 ක අතිරේක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනූව අදාළ මුදල් ලබාදීමට කැබිනට් අනුමැතියද හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සමෘද්ධි ලාභීන්ට මෙතෙක් ලබාදෙන රුපියල් 3500 වෙනුවට රුපියල් 4500 ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනූව රජයේ විශ්‍රාමිකයන්ටද රුපියල් 5000 ක අතිරේක දීමනාවක් මෙම මස සිට ලබාදෙනු ඇත.
සියලුම අත්‍යඅවශ්‍ය ආහාරවල බදු මෙන්ම වෛද්‍ය උපකරණවලද බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සේවකයන්ට මුදල් වැඩි කිරීම සම්බන්ධව හාම්පුතුන් සමග සාකච්ඡා කිරීමටද රජය තීරණය කර ඇත. ආබාධිත රණවිරුවන්ටද රුපියල් 5000 ක දීමනාව ලබානෙ අතර වතු කම්කරුවන්ට තිරිගු පිටි කිලෝවක් රුපියල් 80 කට ලබාදීමටද තීරණය කර තිබේ. මීට අමතරව පර්චස් 10 ක ගෙවතු හිමියන්ටත් රුපියල් 5000 ක්ද පර්චස් 20 ක ගෙවතු හිමියන්ට රුපියල් 1000 ක්ද මෙම මස සිට ලබාදීමට රජය සැලසුම් කර තිබේ.