ක්‍රීඩාවේ ජීවගුණය විනාශ වුනාද? මැතිව්ස් ප්‍රමාද වුනාද?

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ව එක් පන්දුවක් හෝ නොයවා දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම කටයුතු කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව් වැනි කඩුල්ල ලෙස මැතිව්ස් කඩුල්ලට පැමිණි අතර සිය ස්ථානය ලකුණු කර ගැනීමට පෙර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් ඇතිවීම හේතුවෙන් නව හිස් ආවරණයක් ක්‍රීඩාගාරයෙන් ගෙන්වා ගැනීමට උත්සාහ කරේය.

නමුත් එම අවස්ථාවේදී පන්දුවට පහර දීමට පමාවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් විනිසුරු එරස්මස්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරන ලෙසයි.

හිස් ආවරණය ක්‍රීඩා පිටියට ගෙන්වා ගත්ත ද පන්දුවට පහරදීමට විනාඩි 3ක් පමන පමා වීම හේතුවෙන් විනිසුරුවරයා මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේ ය.

එහිදී මැතිව්ස් හා බංගලිදේශ නායක් ශකිබ් අල් හසන් අතර යම්කිසි කතා බහක් සිදූ වූ අතර මැතිව්ස් 5 වන කඩුල්ල ලෙස නැවත ක්‍රීඩාගාරයට ගියේය.

මෙම සිද්ධිය හරහා ක්‍රීඩාවේ ජීව ගුනයට හානියක් සිදු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෝ පවසන ආකරය දක්නට ලැබුනු අතර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ මෙලෙස වාර්තා වූ පළමු අවස්තාවද මෙය වීම විශේෂ කරුණකි.

කෙසේ වෙතත් ක්‍රිකට් නීතීන්ට අනුව ක්‍රීඩකයෙකු දැවී ගොස් මිනිත්තු දෙකක් තුළ අනෙක් ක්‍රීඩකයා පන්දුවට පහරදිය යුතු වේ.