ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු පාලක කමිටුවක්.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු පාලක කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රකිත රාජපක්ෂ, උපාලි ධර්මදාස සහ හිෂාම් ජමාල්ඩීන් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ අනිමකුත් සමාජිකයින් ලෙස පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පත් කල මෙම අතුරු කමිටුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර් තා වේ.