ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 635ක්

ඊයේ (11 වැනිදා) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 15,350ක් දක්වා ඉහළ ගියේය. ඒ ඊයේ අලුතින් හඳුනාගත් ආසාදිතයින් 635ත් සමග වේ.
මේ අතර ඊයේ දිනය වන විට මෙරට කොවිඩ් මරණ 46ක් වාර්තා වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5.121ක් දක්වා ඉහළ ගොස් තිබේ.