අද රාත්‍රියේ සිට බස්නාහිර පළාතට එන්න තහනම් නෑ

පසුගිය 12 වැනිදා සිට බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ සීමාවන් අද (15 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු සාමාන්‍ය පරිදි බස්නාහිර පළාතින් පිටතට ගමන් කිරීමට මහජනතාවට අවස්ථාව උදා වේ.
මීට අමතරව මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක්ද අද දින සිට එම තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටී. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර යන ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදා හැරීමට පියවර ගෙන තිබේ. තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල යන ප්‍රදේශද හුදෙකලා තත්වයෙන් මුදා හැරීමට නියමිතව තිබේ.